admin, Author at masterpainters.lk https://masterpainters.lk/author/admin/ Master Painters Sri Lanka Tue, 27 Aug 2024 03:46:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.2 https://i0.wp.com/masterpainters.lk/wp-content/uploads/2023/12/cropped-LOGOFavicon.png?fit=32%2C32&ssl=1 admin, Author at masterpainters.lk https://masterpainters.lk/author/admin/ 32 32 230815901 Nanyang Technical University – Singapore https://masterpainters.lk/2023/12/21/nanyang-technical-university-singapore/ Thu, 21 Dec 2023 05:26:36 +0000 https://masterpainters.lk/?p=8625 the largest wooden building in Asia Aisa’s largest wooden building Nanyang Technical University constructed in Singapore in 2021. And at GORI we are proud that, GORI wood coatings are used in the project to ensure the durability of wood used. Article Channel News Asia August 2018 Article Lightwood December 2020

The post Nanyang Technical University – Singapore appeared first on masterpainters.lk.

]]>
the largest wooden building in Asia

Aisa’s largest wooden building Nanyang Technical University constructed in Singapore in 2021. And at GORI we are proud that, GORI wood coatings are used in the project to ensure the durability of wood used.

Article Channel News Asia August 2018

Article Lightwood December 2020

The post Nanyang Technical University – Singapore appeared first on masterpainters.lk.

]]>
8625
දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? https://masterpainters.lk/2023/12/21/%e0%b6%af%e0%b7%9c%e0%b6%bb-%e0%b6%a2%e0%b6%b1%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%92%e0%b6%ad/ Thu, 21 Dec 2023 05:04:07 +0000 https://masterpainters.lk/?p=8622 ගෝරි 99 හෝ ගෝරි 88 යන නිෂ්පාදන වලින් එකක් ඔබට දොර ජනෙල් සඳහා යෙදිය හැක. මේ පිලිබඳව අපි තවදුරටත් විස්තරාත්මකව සලකා බලමු. දොර ජනෙල් විශේෂයෙන් පිටත දොර ජනෙල් සඳහා නිවැරදි දැව ආරක්ෂණ ආලේපනයක් තෝරාගැනීම බොහෝ දෙනෙකුට ඇතිවන අවශ්‍යතාවයකි. බොහෝ දෙනෙකු “වෝටර්බේස්” කල දොර ජනෙලුත් ඉක්මණින් අව්වට අවපැහැ ගැන්වීයැයි පසුතැවිලි වනු අප දැක තිබේ. ශ්‍රී ලංකාව

The post දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? appeared first on masterpainters.lk.

]]>
ගෝරි 99 හෝ ගෝරි 88 යන නිෂ්පාදන වලින් එකක් ඔබට දොර ජනෙල් සඳහා යෙදිය හැක. මේ පිලිබඳව අපි තවදුරටත් විස්තරාත්මකව සලකා බලමු.

දොර ජනෙල් විශේෂයෙන් පිටත දොර ජනෙල් සඳහා නිවැරදි දැව ආරක්ෂණ ආලේපනයක් තෝරාගැනීම බොහෝ දෙනෙකුට ඇතිවන අවශ්‍යතාවයකි. බොහෝ දෙනෙකු “වෝටර්බේස්” කල දොර ජනෙලුත් ඉක්මණින් අව්වට අවපැහැ ගැන්වීයැයි පසුතැවිලි වනු අප දැක තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටකදී වසරෙහි සෑම කලකම තද හිරු එළියට නිරාවරණය වන දැව හිරුඑළියෙහි පාර ජම්බුල කිරණ (UV rays) නිසා හානිවීම සුලභ කරුණකි.. එමෙන්ම වැස්ස හා ජලයද දැව හානිවීමට බලපායි.

මේ කරුණු සැළකීමේදී ඔබගේ දොර ජනෙල් සඳහා ඉතා හොඳ ආරක්ෂාවක් ඉහත හේතු වලින් ලබාදීමට නම් ඔබ තෝරාගන්නා ආලේපනය ඉහළ UV ප්‍රතිරෝධී ගුණයකින් හා ජල මුද්‍රික ගුණාංග වලින් යුක්ත වීම අනිවාර්ය‍ය වේ. එමෙන්ම එම ආරක්ෂාව කොපමණ කලක එකම අයුරින් ලබාදීමට හැකිද යන්නත් සැලකීම ඉතා වැදගත් වේ.

ගෝරි 99 සහ ගෝරි 88 යන නිෂ්පාදන විශේෂයෙන් නිපදවා ඇත්තේ දොර ජනෙල් සඳහාම වේ. මෙහිදී ඉහත හේතු වලට අමතරව EN927 යුරෝපියානු තත්ත්ව සම්මතයෙහි දැක්වෙන පරිදි “stable” කාණ්ඩයට ගැනෙන දොර ජනෙල් සඳහා මෙම නිෂ්පාදන අනුකූලතා සහතික ලබා ඇත්තේ තවත් බොහෝ සාධක සම්පූර්ණ කරමිනි.

ඒ අතරින් මයික්‍රො පෝරස් හැකියාව, ආලේපනය ඉරිතලා නොයාම, ගැලවී නොයාම, අවම කෝට් ගණනකින්(කෝට් 2කින් පමණක් ) මයිරෝන 80-100ක පමණ ආලේපන ඝනකමක් ලබාදීම යන කරුණු අතින් මේ නිෂ්පාදන ඉදිරියෙන්ම සිටී.

නවීනතම ගෝරි ස්ලෝ රිලීස් තාක්ෂණය (Slow Release Technology) නිසා ඉතා දිගුකලක් කිසිම නඩත්තු ආලේපනයකින් තොරව ඉහළම ආරක්ෂාවක් දැව යෙදවුමට ලබාදීමට මෙම නිෂ්පාදන සමත්වේ.

එමෙන්ම අනෙක් නිෂ්පාදන මෙන් කෝට් 3-4ක් ආලේපය අවශ්‍ය නොවන නිසා ශ්‍රමය, කාලය මෙන්ම වියදමද අවම වේ.

තෝරාගැනීමට වර්ණ 18ක් ඇති නිසා ඔබ කැමතිම වර්ණය තෝරාගැනීමට හැකිවේ.

මෙම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙහි ඇති අදාල ලිපි කියවන්න.

The post දොර ජනෙල් සඳහා නිර්දේශිත නිෂ්පාදන මොනවාද? appeared first on masterpainters.lk.

]]>
8622
EN 927 සහ දොර ජනෙල් https://masterpainters.lk/2023/12/21/en-927-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb-%e0%b6%a2%e0%b6%b1%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/ Thu, 21 Dec 2023 04:37:22 +0000 https://masterpainters.lk/?p=8611 දොර ජනෙල් වල ආරක්ෂාව බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති නිසා EN 927 තත්ත්ව සම්මතයට අනුව දොර ජනෙල් වල ආරක්ෂාව සඳහා නිවැරදි දැව ආරක්ෂණයක් තෝරා ගැනීම ගැන අපි මේ ලිපියෙන් තවදුරටත් සාකච්චා කරමු.මෙහිදී මතක් කල යුතු කරුණක් වන්නේ EN 927 මඟින් දැව ආලේපනය පිලිබඳ පමණක් සලකන බවත් දැව තෝරා ගැනීම හෝ දැව වල තත්ත්වය ඊට පෙර

The post EN 927 සහ දොර ජනෙල් appeared first on masterpainters.lk.

]]>
දොර ජනෙල් වල ආරක්ෂාව බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති නිසා EN 927 තත්ත්ව සම්මතයට අනුව දොර ජනෙල් වල ආරක්ෂාව සඳහා නිවැරදි දැව ආරක්ෂණයක් තෝරා ගැනීම ගැන අපි මේ ලිපියෙන් තවදුරටත් සාකච්චා කරමු.මෙහිදී මතක් කල යුතු කරුණක් වන්නේ EN 927 මඟින් දැව ආලේපනය පිලිබඳ පමණක් සලකන බවත් දැව තෝරා ගැනීම හෝ දැව වල තත්ත්වය ඊට පෙර ඔබ විසින් සලකා බැලිය යුතු බවයි. දොර, ජනෙල් සඳහා යෙදිය හැකි ගැලපෙන සුදුසු දැව වර්ගයක් තෝරා ගැනීම, යොදා ගන්නා දැව අරටුව වැඩි වශයෙන් ඇති හොඳ දැව වීම, දොර, ජනෙල් සෑදීමට පෙර දැව හොඳින් වියලී හෝ පදම් කර තිබීම අත්‍යාවශ්‍ය වේ.EN 927න් අවධානය යොමු කෙරෙන ප්‍රධාන සාධක අතර යෙදවුමෙහි ස්ථායීතාවය අනුව කෙරෙන වර්ගීකරණයට අනුව දොර ජනෙල් ගැනෙන්නේ “Stable” කාණ්ඩයටයි. එමෙන්ම ආවරණය මත වන අවදානම සැලකූ විට දොර ජනෙල් බොහෝ විට අර්ධ වශයෙන් ආවරණය වී ඇති (partly sheltered) ගණයට ගත හැකිය. මේ සඳහා ලකුණු 2ක් අවදානම් ගණනය සඳහා එකතුවේ. අප මේ කතා කරන්නේ පිටත දොර ජනෙල් පිලිබඳව බව සලකන්න. ඇතුලත දොර සඳහා ස්වාභාවික හානි වීම අවම වන අතර එය EN 927 යටතට අයත් නොවේ.ආනතිය සැලකු විට දොර ජනෙල් සිරස්ව(vertical) පිහිටන නිසා ඒ සඳහා ලකුණු 1ක් හිමිවේ.දොර ජනෙල් හානිවීමේ අවදානම සඳහා සැළකිය යුතු ප්‍රධානතම කරුණ වන්නේ මුහුණලා ඇති දිශාවයි. මේ සමඟ ඇති රූපයෙන් දැක්වෙන පරිදි දිශාවට අදාල ලකුණු එකතු කර ගත යුතුය. මෙහිදී බටහිර සහ දකුනු දිශා සඳහා ලකුණු 3ක්ද, නැගෙනහිර සහ වයඹ දිශා සඳහා ලකුණු 2ක්ද, උතුරට ලකුණු 1ක්ද දක්වා ඇත.

මෙම ගණනය කිරීමට අනුව බටහිර දිශාවට පිහිටා ඇති දොරකට ලකුණු 6ක් ලැබෙන අතර වහලය උස්ව පිහිටියේනම් එය ලකුණු 7ක් වේ. මෙය ඉතා අවදානම් ඉක්මණින් හානි විය හැකි අවස්ථාවකි. නැගෙනහිර දිශාව වන විට මෙය මධ්‍ය අවදානම් අවස්ථාවක් වෙයි.මෙවැනි තත්ත්ව යටතේ ඇති දැව යෙදවුමකට EN 927 මඟින් නිර්දේශ කරන පිරිවිතරයන් පහත පරිදි වේ. මෙහි එන තාක්ෂණික වචන සිංහලට පෙරලීමේදී දෝශ ඇතිවිය හැකි නිසා ඒවා ඉංග්‍රීසි භාෂාවෙන්ම දක්වා ඇත.EN 927-5, water absorption value (ජලය උරාගැනීම) : 30 g/m2 to 175 g/m2Blistering : 0.3Cracking : 0.7Flaking : 0.3Adhesion : 1Build/Coating Thickness : mean thickness greater than 60 µmසරලව ගත හොත් ඔබ දොර ජනෙල් සඳහා තෝරාගන්නා දැව ආරක්ෂණ ආලේපනයට EN 927 ට අනුකූලව “Stable” කාණ්ඩය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිලිගත් ජාත්‍යන්තර විද්‍යාගාරයක් විසින් පරීක්ෂා කර සහතික කර තිබීම මඟින් එය නිවැරදි විසඳුම බවට සැලකිය හැකිය.  එමෙන්ම එම ආලේපනය නිෂ්පාදකයා විසින් දක්වා ඇති උපදෙස් පරිදි නිවැරදිව ආලේප කිරීමටද වග බලා ගන්න.ගෝරි 99 යනු EN 927 තත්ත්ව සම්මතයට අනුකූල බවට සහතික ලත් “Stable” කාණ්ඩය සඳහා නිර්දේශිත දැව ආරක්ෂණ ආලේපනයකි. ගෝරි 99 කෝට් 2ක් පමණක් ආලේපයෙන් ඔබට ඔබේ දොර ජනෙල් සඳහා ඉහලම ආරක්ෂාව ලබාගත හැකිය.වැඩිදුර තොරතුරු සහ ඇණවුම් කිරීමට 076 826 6031න් අපට කතා කරන්න.

The post EN 927 සහ දොර ජනෙල් appeared first on masterpainters.lk.

]]>
8611
ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? https://masterpainters.lk/2023/12/21/%e0%b6%a9%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%af%e0%b7%90%e0%b7%80-%e0%b6%b4%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9c%e0%b6%ab/ Thu, 21 Dec 2023 04:34:30 +0000 https://masterpainters.lk/?p=8594 ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? නැත්නම් ටික කලකට පෙනුම විතරක් රැක ගනිමුද? දැව ඩෙක් එකක් යනු අපට සාමාන්‍ය භාවිතයේ හමුවන දැවයට වැඩිම හානියක් සිදුවීමේ අවදානම ඇති යෙදවුමකි. නාන තටාක ඩෙක් එකක්, ඇවිදයාමේ මං තීරුවක්, බැල්කනියක් ආදී මේ කුමන ලෙසින් භාවිත වුවද පාරිසරික හා කාලගුණික සාධක වලින් දැව විනාශ වීමේ වැඩිම අවදානමක දැව ඩෙක් එකක්

The post ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? appeared first on masterpainters.lk.

]]>
ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? නැත්නම් ටික කලකට පෙනුම විතරක් රැක ගනිමුද?

දැව ඩෙක් එකක් යනු අපට සාමාන්‍ය භාවිතයේ හමුවන දැවයට වැඩිම හානියක් සිදුවීමේ අවදානම ඇති යෙදවුමකි. නාන තටාක ඩෙක් එකක්, ඇවිදයාමේ මං තීරුවක්, බැල්කනියක් ආදී මේ කුමන ලෙසින් භාවිත වුවද පාරිසරික හා කාලගුණික සාධක වලින් දැව විනාශ වීමේ වැඩිම අවදානමක දැව ඩෙක් එකක් මුහුණදෙයි.

මීට හේතු වන්නේ (1) හිරු එළිය, වැස්ස ආදී දේට ආවරණයක් නොමැතිව කෙලින්ම මුහුණ දීම සහ (2) තිරස් මතුපිට නිසා ජලය රැඳී තිබීමයි. සාමාන්‍යයෙන් දැව අධෝරක්ත කිරණ හමුවේ ( හිරු එළිය හමුවේ ) දිරා යාමේදී එය අළු පැහැයට හැරීම නිසා ඉක්මණින් අපේ අවධානයට යොමුවේ. ඒ නිසාම ඊට සුදුසු ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ගැනීමට අපගේ අවධානය යොමුවේ. නමුත් ඩෙක් වලදී ජලයෙන් වන හානිය මීට වඩා අවදානම් සහගත සහ භයානක වේ.

තිරස් මතුපිට(හොරිzඔන්ටල් සුර්ෆcඒ පිහිටීම නිසා ඩෙක් එක මතට වැටෙන ජලය බිංඳු වශයෙන් හෝ ඒ මත එකතුවී යම්කිසි කාලයක් රඳා පවතී. මෙවිට එම ජලය දැවය තුලට කාන්දුවී දැවයේ අභ්‍යන්තර හිස් අවකාශ තුල එක් රැස්වීම සිදුවේ. මෙසේ එක් වන ජලය වැඩි කාලයක් දැවය තුල පැවතෙමින් දැවයේ අභ්‍යන්තර සෛල දිරීමකට ලක් කරයි. ඔබ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන් ඩෙක් දැව කැබැල්ලක් කපා හරස්කඩ පරීක්ෂා කර බැලුවහොත් දැව අභ්‍යන්තරය මෘදු බවට පත්වී එහි ශක්තිය නැතිවී ඇති බව පෙනේවි. මෙවැනි ඩෙක් මත ඇවිද යාමේදී හෝ බරක් යෙදීමෙදී කැඩී යාම සිදුවේ.

මෙම අවස්ථාවට පත්වූ පසු ඔබට දැව අලුතෙන් යෙදීම හැර වෙනත් විකල්ප විසඳුමක් නැත. මේ තත්ත්වයෙන් දැව ආරක්ෂා කරගැනීමට නම් අප කල යුත්තේ ඩෙක් එක මුල සිටම ජලය කාන්දු වීමෙන් වලකාගැනීමයි.

දැව මතුපිට යොදන තීන්ත හෝ ආලේපන මඟින් මෙය කලහැකිද? ජල මුද්‍රික මතුපිට ආලේපනයක් මඟින් ඩෙක් දැව ආරක්ෂා වේ යැයි ඔබ සිතන්නේද?

දැව ඩෙක් එකක් යනු අප ඇවිද යන, ගෘහභාණ්ඩ තබන වෙනත් සංචලන සිදුවන ස්ථානයකි. එමෙන්ම පිටත ස්ථානයක් නිසා වැලි ආදියද බොහෝ විට රැඳෙයි. මෙම ක්‍රියාකාරීත්වයන් හමුවේ මතුපිටින් කරන ඕනෑම ආලේපනයක් පහසුවෙන් සීරීමට ලක්වේ. ඇසට නොපෙනෙන කුඩා සීරීමක් වුවත් ජලය කාන්දුවීමට ප්‍රමාණවත් වේ. යෙදූ ආලේපනය ජල මුද්‍රික වුවත් මෙවන් හානියක් සිදුවන විට ජලය එතුලින් කාන්දු වීම සිදුවේ.

මෙවැනි යෙදවුමකදී අපට කල හැකි හොඳම විසඳුම වන්නේ ඩෙක් දැව තුල ඇති හිස් අවකාශ ජලයට ඇතුල් වීමට නොහැකි සේ වෙනත් ද්‍රව්‍යයකින් සංතෘප්ත කර තැබීමයි. සරලව කිවහොත් දැවය තුල ජලය පිරීමට ඉඩ ඇති තැන්වලට වෙනත් දෙයක් පුරවා තැබීමයි. එවිට ජලය දැවය තුලට කාන්දුවී ඒමට තැනක් නැතිවේ.

මේ පිලිබඳ ඉතිහාසය පුරා කරන ලද පරීක්ෂණ සහ අත්හදා බැලීම් සමඟින් මෙවැනි අවස්ථාවකදී දැව සංතෘප්ත කලහැකි හොඳම ද්‍රව්‍යය ලෙස දැව ඔයිල් මූලික කරගෙන නිපදවූ ඔයිල් ආලේපන හඳුනාගෙන ඇත.

ඔයිල් ආලේපනයක් හැමවිටම දැවය තුලට උරාගෙන, නැත්නම් කිඳාබැස අභ්‍යන්තර හිස් අවකාශ පුරවාලයි. එවිට ජලයට කාන්දුවීමට ඉඩක් නොවේ.

මේ වනවිට තේක්ක, බන්කිරායි ආදී දැව තෙල් යොදා ගනිමින් නිපදවූ ඩෙක් ඔයිල් ආලේපන තිබේ. මෙහිදී ඔයිල් ආලේපනයක් යනු “තෙල්” ගතියෙන් යුත් ද්‍රාවණයක් නොවේ. බැලූ බැල්මට එය තවත් එක දැව ආලේපනයක් හෝ තීන්තක් ලෙස පෙනේ. නමුත් උකු ගතියෙන් අඩුය. ආලේප කලවිට ඉක්මණින් දැවයට උරා ගැනේ. ස්වාභාවික දැව තෙල් යොදාගැනීම නිසා දැව තුලට ගමන් කර හොඳින් හිස් අවකාශ සංතෘප්ත කරයි. එමෙන්ම ඔයිල් ආලේපන ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන්ද ලබා ගත හැකියි.

ඩෙක් සඳහා ඔයිල් ආලේපන යෙදීමේදී ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ ශිල්පීන් අවශ්‍ය නොවේ. ඔබ කල යුත්තේ ඩෙක් දැව හොඳින් පිරිසිදු කර බුරුසුවක් මඟින් ඔයිල් ආලේපය ආලේප කර දැව මතුපිට වැඩිපුර ඉතිරිවන ඔයිල් කෙඳි රහිත රෙදි කැබැල්ලකින් පිස දැමීම පමණයි.

මෙහිදී ඔයිල් ආලේපන නඩත්තුව පිලිබඳව විශේෂයෙන් කතා කල යුතුය. ඔයිල් ආලේපන සාමාන්‍ය ස්ටේන් කාණ්ඩයේ හෝ ලැකර් කාණ්ඩයේ ආලේපන මෙන් නොව කෙටි කලකින් නැවත නැවත ආලේපය අවශ්‍යවේ. මීට හේතුව වන්නේ දැවය හැමවිටම සංතෘප්ත තත්ත්වයේ පවත්වා ගැනීම දැවයේ ආරක්ෂාවට වැදගත් වන බැවිනි.

මාස 6ක පමණ සිට උපරිම වසර 2ක් වැනි කාලයක් තුල දැව ඔයිල් නැවත යෙදීම අවශ්‍යවේ. මෙහිදී නිරතුරුවම ඩෙක් එක පිලිබඳ විමසිල්ලෙන් සිටීමෙන් නැවත ඔයිල් යෙදීමට අවශ්‍ය අවස්ථාව ඉක්මණින් හඳුනාගැනීම වැදගත්වේ.

දැනට ඇති ඔයිල් ආලේපන ඔබට අවශ්‍ය වර්ණයන්ගෙන් ලබා ගත හැකි නිසා සහ හිරු එළියෙහි අධෝරක්ත කිරණ වලින් ආරක්ෂාවත් සපයන නිසා ඔයිල් ආලේපන මත වෙනත් මතුපිට ආලේපන යෙදීම අවශ්‍ය නොවේ.

ඔයිල් ආලේපනය දැවයට උරා ගැනීම අනුව ස්ථර 2-3ක් ආලේප කර ගත යුතුය. මෙහිදී කලින් ඩෙක් ඔයිල් නොයෙදූ කාලයක් භාවිත කල ඩෙක් එකක් නම් පලමු වර ඔයිල් ආලේප කර මසකින් පමණ නැවත ආලේපය සුදුසුය. ඊට හේතු වන්නේ මේ වනවිට දැව අභ්‍යන්තරය මෘදුවී ඇති නිසා ටික දිනකදී යෙදූ ඔයිල් අභ්‍යන්තරයට උරා ගැනීම නිසයි.

බොහෝ දෙනෙකු අනෙකුත් ආලේපන සම්බන්දයෙන් සේම ඩෙක් ඔයිල් සම්බන්දයෙන්ද වගකීම් කාලයක් ගැන විමසනු මා අසා තිබේ. මෙහිදී ඩෙක් ඔයිල් කෙටි කලකින් නඩත්තුව අවශ්‍ය වීම නිසා ඊට වඩා දිගු කලක් සමහර විට වසර 5-6ක් පෙනුම හා වර්ණය පවතින ලැකර් හෝ ස්ටේන් කාණ්ඩයේ ආලේපන තෝරා ගන්න අවස්ථාද මා දැක තිබේ. නමුත් මෙවැනි ආලේපන භාවිතයෙන් ඉතා උසස් තත්ත්වයේ දැව වුවද වසර 5-10ක් තුල ඉවත් කිරීමට සිදුවන බව මගේ දැනීමයි. ආලේපනය නඩත්තුව මීට වඩා බොහෝ සෙයින් ලාභදායී සහ පහසුවේ. ඩෙක් ඔයිල් සාමාන්‍ය අනෙකුත් ආලේපන වලට සාපේක්ෂව මිල අඩු අතර ආලේප කිරීමට ඉතා අවම ශ්‍රමයක් වැයවේ. මේ නිසා ඉතා අඩු මිලකින් නඩත්තුව කල හැකිය.

වගකීම ගැන මගේ උපදෙසනම් නිවැරදි ලෙස ඩෙක් ඔයිල් යොදා නඩත්තු කරන්නේ නම් ඩෙක් දැවයෙහි ස්වාභාවික කල් පැවැත්ම 5-6 ගුණයකින් එනම් අවම වශයෙන් වසර 30-40ක් භාවිත කල හැකි බවයි.

ඩෙකින් ඔයිල් ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් 076 826 6031න් ගෝරි ශ්‍රී ලංකා අමතන්න.

The post ඩෙක් එකෙහි දැව පරම්පරා ගණනක් රැකගනිමුද? appeared first on masterpainters.lk.

]]>
8594
දැව ගෙබිමකට සරිලන නිවැරදිම ආරක්ෂණය තෝරාගන්නේ කෙසේද? https://masterpainters.lk/2023/12/21/%e0%b6%af%e0%b7%90%e0%b7%80-%e0%b6%9c%e0%b7%99%e0%b6%b6%e0%b7%92%e0%b6%b8%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b6%bb%e0%b7%92%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b7%80%e0%b7%90%e0%b6%bb%e0%b6%af/ Thu, 21 Dec 2023 04:30:51 +0000 https://masterpainters.lk/?p=8591 දැව හා දැව ආරක්ෂණය පිලිබඳ අපගේ ලිපි පෙල අතරතුරම ප්‍රධාන මාතෘකාවෙන් ඔබ්බ්ට යමින් එදිනෙදා අවශ්‍යතා සහ ගැටලු පිලිබඳවද සාකච්ඡාකිරීම වැදගත් වේ යැයි සිතමු. ඒ නිසා අද මේ ලිපියෙන් අප කතා කරන්නේ දැව ගෙබිමකට නිවැරදිම ආරක්ෂාව තෝරා ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු කරුණු සහ නිවැරදිව ගෙබිම නඩත්තු කල යුතු අයුරුයි. දැව ගෙබිමෙහි ආරක්ෂාව සැලකීමේදී අපට යෙදවුමට

The post දැව ගෙබිමකට සරිලන නිවැරදිම ආරක්ෂණය තෝරාගන්නේ කෙසේද? appeared first on masterpainters.lk.

]]>
දැව හා දැව ආරක්ෂණය පිලිබඳ අපගේ ලිපි පෙල අතරතුරම ප්‍රධාන මාතෘකාවෙන් ඔබ්බ්ට යමින් එදිනෙදා අවශ්‍යතා සහ ගැටලු පිලිබඳවද සාකච්ඡාකිරීම වැදගත් වේ යැයි සිතමු. ඒ නිසා අද මේ ලිපියෙන් අප කතා කරන්නේ දැව ගෙබිමකට නිවැරදිම ආරක්ෂාව තෝරා ගැනීමේදී ඔබ සලකා බැලිය යුතු කරුණු සහ නිවැරදිව ගෙබිම නඩත්තු කල යුතු අයුරුයි.

දැව ගෙබිමෙහි ආරක්ෂාව සැලකීමේදී අපට යෙදවුමට අනුව බලපාන හානිකර සාධක අධ්‍යනය කරතිබීම අවශ්‍යවේ. බොහෝවිට ගෙබිමට පාරිසරික සාධක වලින් වන බලපෑම අවමය. අප දැව ගෙබිමක් ලෙස සලකන්නේ ඇතුලත ස්ථාන නිසා එය අව්වට, වැස්සට නිරාවරණය වීම අවමය. ඝර්ම කලාපීය රටක් ලෙස උෂ්ණත්ව වෙනස්වීම් පරාසයද අවමය. ප්‍රධාන වශයෙන් දැව ගෙබිමකදී කෘමිහානි පිලිබඳ සැලකීම වැදගත්වේ. දැව සැකසීමේදී පරිරක්ෂක ප්‍රතිකර්මයක් කල දැවනම් හෝ කෘමිහානි වලට ස්වාභාවිකව ඔරොත්තුදෙන දැවයක් නම් හැර, උසස් තත්ත්වයේ දැව පරිරක්ෂකයක් (Wood Preservative) වැඩබිමේදී ආලේපය අවශ්‍යවේ. ප්‍රිසර්වේටිව් තෝරා ගැනීමේදී විශේෂයෙන් වේයන්ට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම දැවය තුලට උරාගැනීමේ හැකියාව පිලිබඳ සොයාබලන්න. ලෑලි ගෙබිමට සවිකිරීමට පෙර ප්‍රිසර්වේටිව් ආලේපය නිවැරදි ක්‍රමයයි. එසේ කිරීමට නොහැකි අවස්ථාවක හොඳින් උරාගන්නා (අවම වශයෙන් මිලි මීටර 5-6 පමණ ) නිශ්පාදනයක් යොදාගැනීම වඩාත් වැදගත් වේ.

මීට අමතරව අප සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ භාවිතයේදී වන හානියි. විශේෂයෙන් අප ගෙබිම මත ඇවිදින සහ ගෘහභාණ්ඩ තබන නිසා සීරීම් වලට ඔරොත්තුදීම වැදගත් සාධකයකි. එමෙන්ම නිතර පෑගෙන ස්ථාන ඉක්මණින් ගෙවීයාම දැව ගෙබිම්හි අප දකින බහුල ගැටලුවක් වේ. එහෙයින් ගෙවීයාම් වලට ඔරොත්තුදීමේ හැකියාවද සැලකිය යුතුය.

ගෙබිම මත බොහෝ විට ජලය හා ද්‍රාවණ වැටීම සුලභ දෙයකි. මෙවැනි අවස්ථාවක ඒ මත ඇවිදින කෙනෙකු ලිස්සා යාම අවම විය යුතුය. මේ සම්භන්ධයෙන් වන පිලිගතහැකි තත්ත්ව අනුමැතියන් සහ සහතිකයන් ලබා ඇති නිෂ්පාදනයක් භාවිතය වැදගත් වේ.

ඇතුලත ස්ථානයක් වන හෙයින් පිරිසිදුකිරීම වැදගත් කාරණයකි. මෙහිදී ජලය හෝ සේදුම්කාරක යොදා සේදීමට හෝ මොප් කිරීමට හැකි ආලේපනයක් වීම අත්‍යාවශ්‍යවේ. බොහෝ ගෙබිම් ආලේපනයන් ජලය වැටුනු විට පැල්ලම් සහ අවපැහැගැන්වීම් ඇතිවනු අප දැක ඇත්තෙමු. එමෙන්ම කෝපි, වයින් හෝ වෙනත් දේ වැටුනු විට පැල්ලම් ඇතිවීමද ගැටලුවකි. මේ තත්ත්වයන්ට ලක් නොවන ආලේපනයක් තෝරාගතයුතුය. එමෙන්ම කුණු දූවිලි විකර්ශණය කිරීමද හොඳ ගෙබිම් ආලේපනයක ලක්ෂණයක් වේ.

මේ කරුණුවලට අමතරව ඉතා වැදගත්කොට සැලකිය යුතු කරුණක් වන්නේ ආලේපනයෙහි සෞඛ්‍යාරක්ෂිත බවයි. අවම අනුමත VOC මට්ටමක් සහිත හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ආලේපනයක් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. මෙහිදී රසායනික කිහිපයක් මිශ්‍රකර වැඩබිමේදී සාදාගන්නා ආලේපන අනෙක්වාට වඩා සෞඛ්‍යයට හානිකර වීමේ හැකියාව වැඩිය. කෙලින්ම ආලේප කලහැකි සැර ගඳක් නොමැති යුරෝපයේ නිශ්පාදනය කල ආලේපනයක් නම් එහි අනුමත රසායනික පමණක් අඩංගු සෞඛ්‍යාරක්ෂිත බව ඉහල නිෂ්පාදනයක් වන බව අපගේ අත්දැකීමයි.

වෙලඳපොලෙහි ඔබට ලබාගතහැකි ආලේපන සලකන කල බොහෝ නිෂ්පාදන මැට්, සෙමිග්ලොස්, හයිග්ලොස් ලෙස විවිධ ග්ලොස් මට්ටම් වලින් ඔබගේ අභිමතය පරිදි තෝරාගත හැකිය.

ගෝරි 81 (GORI 81 High Traffic Floor Finish) යනු මේ සියලු සාධක වලින් සපිරි ඩෙන්මාර්කයේ නිෂ්පාදිත උසස්ම තත්ත්වයේ දැව ගෙබිම් සඳහාම නිපදවුනු ආලේපනයකි.

The post දැව ගෙබිමකට සරිලන නිවැරදිම ආරක්ෂණය තෝරාගන්නේ කෙසේද? appeared first on masterpainters.lk.

]]>
8591
දොර ජනෙල් ආරක්ෂණය සහ ගෝරි 99 https://masterpainters.lk/2023/12/21/%e0%b6%af%e0%b7%9c%e0%b6%bb-%e0%b6%a2%e0%b6%b1%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bb%e0%b7%92-99/ Thu, 21 Dec 2023 04:27:24 +0000 https://masterpainters.lk/?p=8588 අපගේ ප්‍රධාන මාතෘකාව වන දැව සහ දැව ආරක්ෂණය පිලිබඳ වන ලිපිපෙළ අතර අද මෙම ලිපියෙන් විශේෂයෙන්ම දොර, ජනෙල් ආරක්ෂණය සහ ආලේපනය පිලිබඳව කතාකරමු. අදවන විට නිවාස සංකීර්ණ සහ වෙලඳ ගොඩනැගිලිවල දොර ජනෙල් සඳහා දැව යොදාගැන්ම අඩුවෙමින් පැවතුනත්, නිවාස සඳහා වැඩිම ජනප්‍රියත්වයක් උසුලන්නේ දැව දොර සහ ජනෙල් වේ. මිල, කල්පැවැත්ම සහ දුලභ වීම යන කරුණු මත

The post දොර ජනෙල් ආරක්ෂණය සහ ගෝරි 99 appeared first on masterpainters.lk.

]]>
අපගේ ප්‍රධාන මාතෘකාව වන දැව සහ දැව ආරක්ෂණය පිලිබඳ වන ලිපිපෙළ අතර අද මෙම ලිපියෙන් විශේෂයෙන්ම දොර, ජනෙල් ආරක්ෂණය සහ ආලේපනය පිලිබඳව කතාකරමු.

අදවන විට නිවාස සංකීර්ණ සහ වෙලඳ ගොඩනැගිලිවල දොර ජනෙල් සඳහා දැව යොදාගැන්ම අඩුවෙමින් පැවතුනත්, නිවාස සඳහා වැඩිම ජනප්‍රියත්වයක් උසුලන්නේ දැව දොර සහ ජනෙල් වේ. මිල, කල්පැවැත්ම සහ දුලභ වීම යන කරුණු මත විකල්ප තෝරාගත්තත් අදටත් දැව භාවිතයට අපි සැම ප්‍රිය කරන්නෙමු. දැව යෙදවුම් දැක්මෙන් සහ ස්පර්ශයෙන් ලැබෙන සුවදායී හැඟීම වෙනත් කිසිම විකල්ප අමුද්‍රව්‍යයකින් නොලැබෙන බව මගේ පෞද්ගලික අදහසයි.

දොර, ජනෙල් සඳහා දැව යොදාගැනීමේදී ආලේපන පිලිබඳ කතා කරන්නට පෙර ඊට යොදාගැනෙන දැව ගැන සඳහනක් කිරීම වටී. ප්‍රධාන වශයෙන්ම අද වනවිට මේ සඳහා තේක්ක, මැහෝගනි, කොස්, නැදුන් සහ වෙනත් ආනයනික දැව යොදාගනී.මෙහිදී දැව තෝරාගැනීමේදී එම දැවයන්හි සංචලන සහ හැකිලීමේ ගුණාංගය ගැන සැලකිලිමත් විය යුතුය. මැහෝගනී යොදා ගැනිමේදී පදම් කල දැව සපයා ගැනීම උචිත වේ.

පදම් නොකල දැව යොදාගැනීමට සිදුවේ නම්, දොර ජනෙල් සෑදීමට පෙර එම දැව නියමිත පරිදී වියලී තිබීම අත්‍යාවශ්‍යවේ. එසේ නොවූ විට පිරිද්දුම් වලින් ඈත් වීම, ඇදගැසීම වැනි තත්ත්ව වලට ලක්වේ.

දොර ජනෙල් සලකන කල ඇතුලත දොරවල් පිටත ඒවාට වඩා හානිවීමේ අවදානම අඩුය. ඒ නිසා අපි විශේෂයෙන් පිටත දොර ජනෙල් වල ආරක්ෂාව ගැන සැලකිය යුතුය. මෙහිදී EN335-2013 තත්ත්ව සම්මතයෙහි වර්ගීකරණයට අනුව කාණ්ඩ 3.1යටතේ සැලකිය යුතුය.

මෙහිදී කෘමිහානි සඳහා ප්‍රමාණවත් පරිරක්ෂණක් කිරීම අත්‍යාවශ්‍යවේ. එසේ නොමැති අවස්ථාවල කෘමිහානි මෙන්ම මතුපිට දිලීර හානිද ඇතිවේ. දොර ජනෙල් උලුවහු බිත්ති බඳින අවස්ථාවේම සවිකරන්නේනම් ඔබට ඒ අවස්ථාවේ පරිරක්ෂක ආලේප කර සවිකල යුතුවේ. එමෙන්ම නැවත පියන් සවිකර මතුපිට ආලේපන කරන අවස්ථාවේ උලුවහු වලද නැවත පරිරක්ෂක ආලේපය නිර්දේශ කෙරේ. මෙහිදී පරිරක්ෂකය දැවවල සියලුම මතුපිටයන්හි නිවැරදි ආලේපය අවශ්‍යවේ. එමෙන්ම පරිරක්ෂකයක් ආලේප කර පැය 72ක් පමණ ඇතුලත මතුපිට ආලේපන යෙදීම අවශ්‍යවේ.

දොර ජනෙල් සඳහා බලපාන පාරිසරික සාධක ගත්කල හිරු එළිය සහ ඒ සමඟ එන අධෝරක්ත කිරණ නිසා වන හානිය අප රටෙහි ප්‍රධාන ගැටලුවකි. මෙහිදී ආලේපනයෙහි වර්ණය අවපැහැගැන්වී ඉන් පසු දැවය හානිවීමට පටන්ගනි. ආරක්ෂණය නොකල දැවයක් හිරු එළියට නිරාවරණය වූ විට අළු පැහැයට හැරෙන්නේ මේ හේතුව නිසාවෙනි. මෙහිදී මතුපිට දැව සෛල විනාශ වී මෘදු බවට පත්වේ.

දැව මෙයින් ආරක්ෂාකිරීමට නම් හොඳ UV ප්‍රතිරෝධක හැකියාවක් ඇති මතුපිට ආලේපනයක් නිර්දේශිත ඝනකමින්(Coating Thickness) යුක්තව ආලේප කල යුතුය. මෙහිදී ඔබ යොදා ගන්නා නිෂ්පාදනයේ නිෂ්පාදකයාගේ උපදෙස් අනුව නියමිත ස්ථර ගණන ආලේපය, තනූක කිරීමට නිර්දේශිතනම් පමණක් නිර්දේශිත ප්‍රමාණයට පමණක් තනූක කිරීම වැදගත්වේ. එසේ නොවුවහොත් නියමිත ආලේපන ඝණකම නොමැතිවීමෙන් අඩු කාලයකින් නැවත ආලේප කිරීම අවශ්‍යවේ.

මීලඟ ප්‍රධානම ගැටලුව වන්නේ වැස්ස සහ ජලයයි. අප වසරේ වැඩි කාලයක් නිරතුරුවම වැසි ලැබෙන රටක් බැවින් සියලු පිටත දැව යෙදවුම් ජලයෙන් ආරක්ෂා කරගත යුතුය. දොර ජනෙල් සිරස් මතුපිටින් යුක්ත නිසා ජල විකර්ශක(Water repellent) සහ ජල මුද්‍රික(Water proof) ගුණයෙන් යුත් මතුපිට ආලේපනයක් මේ සඳහා ප්‍රමාණවත් වේ. මෙහිදී දොර ජනෙල් වල සෑම පැත්තක්ම හොඳින් ආලේපය මඟින් දැව තුලට ජලය හෝ ජල වාෂ්ප ගමන් කිරීම වැලකේ.

පිටත දැව ආලේපන සඳහා වන යුරෝපියානු තත්ත්ව සම්මතය වන EN-927 ට අනුව දොර ජනෙල් ගැනෙන්නේ dimensionally stable කාණ්ඩයටයි. එනම් පාරිසරික තත්ත්ව වෙනස්වීම් හමුවේ දොරෙහි/ජනේලයහි දිග/පළල වෙනස් නොවිය යුතුවේ. දැවයෙහි ගුණාංගද මීට සාධක වන නමුත් මේ සඳහා දැව ආලේපයෙන් ලබාදෙන සහායද වැදගත් සාධකයකි. එනිසා දොර ජනෙල් සඳහා ඔබ තෝරාගන්නා ආලේපනය EN-927ට අනුව dimensionally stable කාණ්ඩය සඳහා ගැලපෙන බවට සහතික වී තිබීම අනිවාර්යය අවශ්‍යතාවයකි.

මීට අමතරව අප සැලකිය යුතු නමුත් බොහෝ දෙනා නොදන්නා සාධකයක් වන්නේ පිටත දැව යෙදවුම් සඳහා කරන ආලේපන එතුලින් වාතයට ගමන් කලහැකි ගුණයෙන් යුක්තවිය යුතුබවය. අපි මෙය ඉංග්‍රීසි බසින් මයික්‍රෝ-පොරස් (micro-porous) ලෙස හඳුන්වමු.

දැව තුල ඇති හිස් අවකාශයන් තුල සැමවිටම වාතය පිරී තිබේ. පිටත පරිසරයේ සිදුවන ආර්ද්‍රතා සහ උෂ්ණත්ව වෙනස්වීම් වලදී දැවය තුල සහ පිටත පීඩනය සමතුලිතවීම අවශ්‍යවේ. මේ සඳහා ආලේපනය තුලින් වාතයට ගමන් කලහැකිවිය යුතුය. එසේ නොමැති විට දැව පුපුරා යාම, පිරිද්දුම් වලින් ඈත්වීම, ආලේපනය ඉරිතලායාම වැනිදේ සිදුවේ. මෙහිදී ජල මුද්‍රික බව සහිත නමුත් වාතයට පමණක් ආලේපනය හරහා ගමන්කලහැකිවීම අවශ්‍යවේ.

ඉහත සඳහන් ගුණාංග වලින් යුතු දැව ආරක්ෂණ ආලේපනයක් නියමිත පරිදි ආලේප කර නඩත්තු කිරීමෙන් දොර ජනෙල් පරම්පරා කිහිපයක් වුව උසස් තත්ත්වයෙන් රැකගත හැකිය.

ගෝරි 99 යනු ඉහත සියලු ගුණාංග වලින් යුක්ත එමෙන්ම තෝරා ගැනීමට වර්ණ 18 සහිතව ආලේපය පහසු කිරීමට මෙන්ම නඩත්තුව පහසු කිරීමට තවත් විවිධ ගුණාංග වලින් යුතුව වැඩිදියුණු කල දැව ආරක්ෂණ ආලේපනයකි.

ගෝරි 99 ආලේප කලයුතු ක්‍රමය ඉතා සරලය. මෙහිදී වර්ණක (අනෙක් නිෂ්පාදන වලදී ස්ටේන්) වෙනමත් මතුපිට ස්ථර වෙනමත් යෙදීමක් අවශ්‍ය නැත. ගෝරි 99 ඔබ කැමති වර්ණයෙන් තෝරාගෙන ඔබට අවශ්‍ය පරිදි සකස් කරගත් දොර ජනෙල් මත ස්ථර 2ක් ආලේප කිරීම ප්‍රමාණවත් වේ. නඩත්තුවේදී දොර ජනෙල් හොඳින් පිරිසිදු කර නැවත ගෝරි 99 ආලේපය පමණක් සෑහේ. නඩත්තුවේදී පෙර ආලේපනය ඉවත්කිරීම අවශ්‍ය නොවේ. එමෙන්ම පලමු ආලේපයේදීද සෑන්ඩ් කිරීම ඔබට අවශ්‍ය සිනිදු බව ලැබෙන පරිදි කරගැනීම ප්‍රමාණවත් වේ. ආලේපනය දැවය සමඟ බැඳීම සඳහා සෑන්ඩ් කිරීම බලපෑමක් නැත.

ගෝරි 99 බ්‍රශ් එකක් මඟින් හෝ ස්ප්‍රේ කිරීමෙන් ආලේප කල හැකිය. මෙහිදී ඉක්මණින් වියලෙන නිසා බ්‍රශ් ආලේපනයෙදී ඉක්මණින් ආලේපය වැදගත් වේ. නැත්නම් බ්‍රශ් සලකුණු මතුවී පෙනීමට හැක. පැය 2ක් පමණ කාලයකදී දෙවන ස්ථරය ආලේප කලහැකි නිසා පැය කිහිපයක් තුල කාර්යය නිමකල හැකිවීම පහසුවකි.

ගෝරි 99 ආලේප කිරීමේදී ජලය හෝ වෙනත් කිසිවක් මිශ්‍ර කිරීම අවශ්‍ය නොවේ. එසේ කිරීම නිර්දේශද නොකෙරේ. නමුත් ලීටරයකින් වර්ග අඩි 160-180ක් පමණ ආලේප කල හැකිය.

ගෝරි 99 ආලේප කල දොර ජනෙල් වසර 5ක් පමණ කාලයක් වර්ණ අවපැහැ ගැන්වීමෙන් තොරව කල් පවතී. නඩත්තුවේදී ගෝරි පිරිසිදුකාරකයක් යොදා පිරිසිදු කර නැවත ගෝරි 99 ආලේපය කල හැකිය.

මේ පිලිබඳව වැඩිදුර තොරතුරු සහ මිලදී ගැනීම සඳහා 076 826 6031න් අපට කතා කරන්න.

ගෝරි 99 ආලේප කල දොර ජනෙල් කිහිපයක් මෙම ඡායාරූපයන්හි දැක්වේ.

The post දොර ජනෙල් ආරක්ෂණය සහ ගෝරි 99 appeared first on masterpainters.lk.

]]>
8588
GORI 99 for Doors, Windows & Furniture https://masterpainters.lk/2023/12/21/gori-99-for-doors-windows-furniture/ Thu, 21 Dec 2023 04:23:45 +0000 https://masterpainters.lk/?p=8585 GORI 99 Extreme is a translucent, satin finish, water based wood protection for outdoor use. GORI 99 Extreme contains fungicides for protection against fungi, mould and blue stain. GORI 99 Extreme is based on polyurethane modified acrylic resins. GORI 99 Extreme contains our new Active Protection technology, which helps keep your wood healthy much longer. 

The post GORI 99 for Doors, Windows & Furniture appeared first on masterpainters.lk.

]]>
GORI 99 Extreme is a translucent, satin finish, water based wood protection for outdoor use. GORI 99 Extreme contains fungicides for protection against fungi, mould and blue stain. GORI 99 Extreme is based on polyurethane modified acrylic resins.

GORI 99 Extreme contains our new Active Protection technology, which helps keep your wood healthy much longer. 

Recommended for

All types of outdoor wood – especially recommended for windows and doors.

Recommended system: Untreated softwood exterior: 1 x GORI 11 or GORI 22 + 2 x GORI 99 Extreme.

Properties

  • Water based
  • For outdoor use
  • Non-blocking
  • Micro porous: Allows wood to breathe
  • Water repellent
  • Ready-to-use product
  • Contains fungicide to protect surface against fungi, blue stain and mould

Can sizes

  • 0.75 L
  • 2.50 L

Application

Apply with brush or spray

Recommended system: Bare softwood should be treated with 1 x GORI 22 + 2 x GORI 99
 

Substrate preparation

Apply on dry, clean wood free from dust, fats, old paint, etc. Apply on all sides of the wood as well as sections and ends.

Drying Time:

  • touch dry: app. 30 min
  • recoat: app. 2 hours

Coverage:

  • 1 L = 16 m2

The post GORI 99 for Doors, Windows & Furniture appeared first on masterpainters.lk.

]]>
8585
GORI 81 High Traffic Floor Finish https://masterpainters.lk/2023/12/20/gori-81-high-traffic-floor-finish/ Wed, 20 Dec 2023 10:19:23 +0000 https://masterpainters.lk/?p=8502 Introducing GORI 81 High Traffic Floor Finish for your Wooden Floor: Stylish, durable, and certified safe for your loved ones. Shield your wooden floor with GORI 81 – scratch-resistant, easy to clean, and dirt-repellent. Choose from Matt, Semi-gloss, or High-gloss finishes, and Clear or 18+ colors. No dilutions, no hardeners – application made easy! 🌟

The post GORI 81 High Traffic Floor Finish appeared first on masterpainters.lk.

]]>
Introducing GORI 81 High Traffic Floor Finish for your Wooden Floor: Stylish, durable, and certified safe for your loved ones.

Shield your wooden floor with GORI 81 – scratch-resistant, easy to clean, and dirt-repellent. Choose from Matt, Semi-gloss, or High-gloss finishes, and Clear or 18+ colors. No dilutions, no hardeners – application made easy!

🌟 25% Discount for all purchases till 31-Dec-2023 from our showrooms

🌟 Special offers for Hotels & Contractors, till 31-Dec-2023

🌟 Visit our Kelaniya or Kurunegala showrooms for samples, color selection, and expert guidance.

Call 076 826 6031 to order.

GORI – Premium Scandinavian Woodcare Solutions, Made in Denmark

The post GORI 81 High Traffic Floor Finish appeared first on masterpainters.lk.

]]>
8502