ගෝරි 99 හෝ ගෝරි 88 යන නිෂ්පාදන වලින් එකක් ඔබට දොර ජනෙල් සඳහා යෙදිය හැක. මේ පිලිබඳව අපි තවදුරටත් විස්තරාත්මකව සලකා බලමු.

දොර ජනෙල් විශේෂයෙන් පිටත දොර ජනෙල් සඳහා නිවැරදි දැව ආරක්ෂණ ආලේපනයක් තෝරාගැනීම බොහෝ දෙනෙකුට ඇතිවන අවශ්‍යතාවයකි. බොහෝ දෙනෙකු “වෝටර්බේස්” කල දොර ජනෙලුත් ඉක්මණින් අව්වට අවපැහැ ගැන්වීයැයි පසුතැවිලි වනු අප දැක තිබේ.

ශ්‍රී ලංකාව වැනි රටකදී වසරෙහි සෑම කලකම තද හිරු එළියට නිරාවරණය වන දැව හිරුඑළියෙහි පාර ජම්බුල කිරණ (UV rays) නිසා හානිවීම සුලභ කරුණකි.. එමෙන්ම වැස්ස හා ජලයද දැව හානිවීමට බලපායි.

මේ කරුණු සැළකීමේදී ඔබගේ දොර ජනෙල් සඳහා ඉතා හොඳ ආරක්ෂාවක් ඉහත හේතු වලින් ලබාදීමට නම් ඔබ තෝරාගන්නා ආලේපනය ඉහළ UV ප්‍රතිරෝධී ගුණයකින් හා ජල මුද්‍රික ගුණාංග වලින් යුක්ත වීම අනිවාර්ය‍ය වේ. එමෙන්ම එම ආරක්ෂාව කොපමණ කලක එකම අයුරින් ලබාදීමට හැකිද යන්නත් සැලකීම ඉතා වැදගත් වේ.

ගෝරි 99 සහ ගෝරි 88 යන නිෂ්පාදන විශේෂයෙන් නිපදවා ඇත්තේ දොර ජනෙල් සඳහාම වේ. මෙහිදී ඉහත හේතු වලට අමතරව EN927 යුරෝපියානු තත්ත්ව සම්මතයෙහි දැක්වෙන පරිදි “stable” කාණ්ඩයට ගැනෙන දොර ජනෙල් සඳහා මෙම නිෂ්පාදන අනුකූලතා සහතික ලබා ඇත්තේ තවත් බොහෝ සාධක සම්පූර්ණ කරමිනි.

ඒ අතරින් මයික්‍රො පෝරස් හැකියාව, ආලේපනය ඉරිතලා නොයාම, ගැලවී නොයාම, අවම කෝට් ගණනකින්(කෝට් 2කින් පමණක් ) මයිරෝන 80-100ක පමණ ආලේපන ඝනකමක් ලබාදීම යන කරුණු අතින් මේ නිෂ්පාදන ඉදිරියෙන්ම සිටී.

නවීනතම ගෝරි ස්ලෝ රිලීස් තාක්ෂණය (Slow Release Technology) නිසා ඉතා දිගුකලක් කිසිම නඩත්තු ආලේපනයකින් තොරව ඉහළම ආරක්ෂාවක් දැව යෙදවුමට ලබාදීමට මෙම නිෂ්පාදන සමත්වේ.

එමෙන්ම අනෙක් නිෂ්පාදන මෙන් කෝට් 3-4ක් ආලේපය අවශ්‍ය නොවන නිසා ශ්‍රමය, කාලය මෙන්ම වියදමද අවම වේ.

තෝරාගැනීමට වර්ණ 18ක් ඇති නිසා ඔබ කැමතිම වර්ණය තෝරාගැනීමට හැකිවේ.

මෙම නිෂ්පාදන පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා මෙහි ඇති අදාල ලිපි කියවන්න.

Looking for the GORI Woodcare App?

Do you need support in calculating your wood coating requirement? Are you looking for GORI wood coating product details or prices? Download GORI Woodcare App now.